රාජ්‍ය වර්ෂ 1870 දී ස්වභාෂා පාසල් ක්‍රමය යටතේ උඩුගහවල්පොල කුමර විද්‍යාලය නැගෙනහිර සියනෑ කෝරළය තුළ පළමුවෙන්ම ආරම්භ වූවකි.එක්තරා දිනෙක කොළඹ සිට ප්‍රධාන මාර්ගය දිගේ පාගමනින් පැමිණි පාගමනින් පැමිණි ශාන්ත අන්තෝනි නම් මහතෙකු උග්ගහදෙනිය නම් ග්‍රාමයේ නවාතැන් ගනිමින් දැන උගත්කම් කියා දීමෙන් ගුරුවරයෙකු ලෙස ප්‍ර දේශවාසීන්ගේ ප්‍රසාදය දිනා ගත්තේය.මෙතුමාගේ ඉගැන්වීම් දිනපතා පාසලක් ලෙස පවත්වාගෙන යාමටත්, ඒ සදහා පොල් අතුසෙවිළි කළ මඩුවක් තනා දීමටත් ගම්වැසියෝ යුහුසුළු වූහ.
මේ අතර 1878 වර්ෂයේදී ප්‍රෙද්ශයේ ප්‍රභූවරයෙකු වූ සොලමන් ඩයස් බණ්ඩාරණායක මැතිදුන් විසින් නව පාසලක් ඉදි කිරීමට අක්කරයක පමණ භූමියක් පරිත්‍යාග කරන ලදී.මේ අනුව පළමු පාසල් ගොඩනැගිල්ල රජයේ වියදමින් ඉදි වී ඇත.උඩු ගහ පත්තුවේ වල්පොල කුමර විදුහල ලෙස පවත්වාගෙන ආ මෙම විදුහලට නුදුරු ඉඩමක ඔබේසේකර නම් ළමා තැනියක විසින් බාලිකාවන් සදහාද පාසලක් ඉදි කර රජයට භාර කර ඇත.1920 වර්ෂයේදී ප්‍රධාන ගුරුතුමා ලෙස පැමිණි රොමානිස් සේනානායක මහතාගේ මූලිකත්වයෙන්ද අධ්‍යාපනය අතින් විශාල දියුණුවක් ලබා ඇත.තෝමස් පෙරේරා, ගුණතිලක, ජේමිස් රණසිංහ . ඩාවින් සිංඥෝ, ජෝනි සංඥෝ, මැන්දිරිස් ආදී උගත් පිරිසක් මේ වකවානුවේ බිහිවී ඇත.
විනය හා ඉගැන්වීම් අතින් විශෘල දියුණූවක් ලැබූ වකවානුවක් ලෙස 1926 වර්ෂයෙදි ඒ.බී.සූරියප්පෙරුම ගම්මුලාදෑනි මහතා මුල් ගුරු ලෙස කටයුතු කළ කාලයේ ඉතා වැදගත්ය.මේ වන විට කුරුදුවත්ත ග්‍රාමයේ පාසල , එල්ලක්කල පාසල,ඌරාපොල පාසල , ආදි තවත් පාසල් කීපයක් අතිවීම නිසා මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙි අඩුවීමක් ඇතිවිණී.1878 උඩුගහවල්පොල කුමර විදුහලට නුදුරෙහිම ආරම්භ විනැයි සැලකෙන උඩුගහවල්පොල බාලිකා විදුහලද අනුබද්ධ වී උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය ලෙස රටට ජාතික මෙහෙයක් ඉටු කරයි.
වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්තකාලයක් පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
2011 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ,9ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, මාධ්‍ය ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 42ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 06කින් සමන්විතය. එක්දහස් හැත්තෑපහක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වත්මන් පාසලේ විදුහල්පතිතුමිය ලෙස කටයුතු කරනු ලබන්නේ ආර්.සී.උදේශිකා මැතිතුමියයි.
|
ආරම්භ කළ වර්ෂය |
1870 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
20 |
|
මුල් ගුරුතුමාගේ නම |
රොමානිස් සේනානායක |
|
පාසලේ ආදි කතෘගේ නම |
ශාන්ත අන්තොනි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
උඩුගහපත්තුවේ කුමර විදුහල |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඒ.බී.සූරියප්පෙරුම මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1878 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
උණගහදෙනිය පොල් අතු මඩුව |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ලිලී නෝනා |






