බප/ ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය , රුග්ගහවිල.

ගම්පහ

අධ්‍යාපන චාරිකාව

ශිෂ්‍යනායක පුහුණු කදවුර- ද්විතියික අංශය

schoo.jpg
WhatsApp Image 2024-07-31 at 12.30.20 PM.jpeg

විදුහල්පති පණිවිඩය

R.M.U.අභයවර් ධන මහතා

           1870  දශකයේ ආරම්භ කළ ඉතා අභිමානවත්  ඉතිහාසයක් සහිත මෙම විද්‍යාලය කුමර, කුමරි විද්‍යාලය ලෙස කොටස්  දෙකකින් සමන්විත විය.1991 ජූලි 01 වන දින පාසලේ  ඉතිහාසයට ඉතා වැදගත් දිනයකි.එදින පාසල මිශ්‍ර පාසලක් ලෙස ඒකාබද්ධ  වූ දිනයයි. මෙය විශාල ඉතිහාසයකට හිමිකම් කියන බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය අද වන විට දරුවන් 1200  කට  ආසන්න  සංඛ්‍යාවක්  ඉගෙනුම ලබන, ප්‍රදේශයේ ජනප්‍රිය  පාසලක්  බවට පත් වී ඇත.

          වත්මන්  පාසලේ අභිවෘද්ධීය  වෙනුවෙන් අත්තනගල්ල අරහන්ත රජමහා විහාරයේ  විහාරාධිපති  අතිපූජ්‍ය ,ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද  නා හිමි  ස්වාමින් වහන්සේගේ  අනුශාසනය නොමදව ලැබේ.අප සිසු දරුවන්  කලාප , පළාත්  මෙන්ම ජාතික මට්ටමේ  ජයග්‍රහණ  රාශියකට උරුමකම් කියන අතර පාසලෙන් බිහි වූ ආදි සිසුන් බොහොමයකි.අද වන  විට ඔවුන් රටේ ඉහළ තැන්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී  මෙහෙවරක් ඉටු කරනු ලබති.

     අප විද්‍යාලය සමග සම්බන්ධ වන විවිධ පාර්ශව  නව ලොව තාක්ෂණය කරා පිය නැගීමට මෙම වෙබ් අඩවිය ප්‍ර යෝජනවත්  ලෙස යොදා ගනු ඇතැයි මා විශ්වාස කරමි.අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු දෙනාට මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධ වෙමින් පාසලේ දියුණුව වෙනුවෙන් ක්‍රියා කිරීමට එකතු වන ලෙස ගෞරවයෙන් ආරාධනා  කර සිටිමි.

   මෙම කාර්යයන්  සාර්ථක කර ගැනීමට සහය  වන සැමට හද පිරි ප්‍රණාමය පුද කරමි.දරු දැරියන්ගේ යහගුණ  මෙන්ම අධ්‍යාපන කටයුතු  දිනෙන් දින දියුණු  වේවා!  යි ප්‍රාර්ථනා කරමි.

R.M.U.අභයවර් ධන මහතා
විදුහල්පති
බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය.